නිරුත්තර කවිය

සුළගට එක්ව ගසා ගෙන ගිය
මම ලියු කවි ගොන්න
නුඹේ දෙපා මුල රැදිලා,
එකක් අරන් කියවන්න
අයදිනවා
හරියට පුංචි රළක්
නුඹේ දෙපා සිපගන්නවා වගේ
කවි ලියු පන්හිද
බලන් ඉන්නවා නොයිවසිල්ලෙන්,
මාත් නිරුත්තරයි
එත් ඒ නිහඩ අවකාශයේ
විරාමයක් නොතියාම
කතා කරනවා
ආදරෙන් දොරේ ගලන
හදවත්,
මං දකින්න ආස හීනෙක
නුබත් මාත් එක්ක
තනිය මකන්නට නොව
මුළු ජීවිතයම බෙදා ගන්න
මං සිතින් කියනවා,
එත් නුබ
තවමත් ආදරෙන්
හිනාවෙනවා
මාත් එක්ක
කවියක්
නොකියාම,
කවියේ එක් පෙළක් දැක
නගනවා හසරැල්ලක්
දුව විත් සිප ගන්නවා
නුබ මා,
ගිලිහුණු කවිය ගසා ගෙන
අහංකාර සුළගට
ලියුවුනු එක් පේලියක්
“ආදරෙයි මම ඔයාට”

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post