හැල්මේ ලිවීම…

ලියමු එකේ ලිපි හැමදාම කියෙව්වත් ලගදි ලිපියක් පල කරන්න බැරි වුනේ පොඩි ප්රශ්නයක් හින්දා පහුගියටිකේ අවුලෙන් හිටපු නිසා. පොඩි කිව්වට මේක ජීවිතේටම බලපාන ලොකු ප්‍රශ්නයක්. දුකේ වැලන්ටයින්ගේ බූට් එක කියවල ගිහිල්ලා උදේ පාන්දරින්ම කෙල්ලෙක්ගෙන් බූට් එකක් කන්න සිද්ධ වුණා කියහන්කෝ. දුකේ කියනවා වගේ බෝතලෙකින් දෙකකින් අවුල නැති කර ගන්න පුළුවන් වුනත් බෝතලයක් ගන්නත් මේ වෙලාවේ අතේ සතයක් නෑ.

ඉදල ඉදල පලවෙනි සැරේට කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුවේ. එත් එක අහල තියෙන්නේ වැරදි විදියකටලු. යාලුවෙක් මටත් කිව්වේ. අපි නැග්ගොත් ඉතින් පුවක් ගහෙත් දෙබලක් කියනවනේ. අපිට කොයින්ද ඉතින් කැමැත්ත අහලා පුරුද්දක්. මුදේ ඉන්නේ එක මළුවද කියලා හිත හදාගන්න හැදුවත් මුදු යන්නේ මන් විතරක් නෙමෙයි කියල මතක් වුනාම  බඩ පපුව දාල යනවා.

අනිත් එක ඉතින් කෙල්ලෝ තෝරද්දී ලස්සන කැත කියල එකකුත් බලනවනේ. මගේ තේරීමේ හැටියට ලෝකේ ගොඩක් ඉන්නේ කැත කෙල්ලෝ. එහෙම එකේ මන් කොහොමාද මගේ හිත ගිය ලස්සන කෙල්ලව අමතක කරන්නේ. එහෙමයි කියල ඉතින් එක මත්තෙම නැහිලා හරියන්නෙත් නෑ කියල මම දන්නවා. එත් හිත කියන දේ අහන්න හදවත සුදානම් නෑ කියනවනේ.

කැමැත්ත නොලැබීම  කියන්නේ ආදරය කරන්න බාදාවක් නෙමෙයි කියනවනේ, එත් ඉතින් එහෙම ආදරය කරා කියල අපිට මොනවද ලැබෙන්නේ. ආ පිට දෙයක් ලැබෙන්නැත්තම් නිකන් හචින් එකක්වත් යවන්නැති කාලයක්නෙ මේක. අනිත් එක අනුන්ගේ දේවල් වලට ආදරය කරන්න ගිහිල්ලා මොකටද නිකන් අත පය කඩා ගන්නේ . ආදරය කියන්නේ අයිතිකර ගැනීමම නෙමෙයි කියලත්  කියනවනේ. එනනිසා පිනට දුන්න කියල හිතල හිත හදා ගන්නවා.

හිතට ආපුවා ඔහේ ලියාගෙන ගිහිල්ල මේකත් අර කියනවා වගේ පෞද්ගලික තරහක් පිරිමසාගන්න හරි මොකක් හරි ලබා ප්‍රයෝජනයක් ගන්න හරි ලියපු පොස්ට් එකක් වගේ පෙනෙයිද දන්නෙත් නෑ. අනේ මගේ හිතේ නම් එහෙම කාත් එක්කවත්  කිසි තරහක් නෑ. තරහ වෙනවා නම් මම කි දෙනෙක් එක්ක කියල තරහ වෙන්නද . පලවෙනි පාරට කැමැත්ත ඇහුව කිව්වට තව අහපු නැති ඒවා තව කොච්චර තියෙනවද.

දැන්නම් ලිව්වා ඇති කියලා හිතෙනවා. ඕනෑම දෙයක සීමාවක් කියල එකක් තියෙනවනේ. වැඩි වුනොත් එකෙත් ගතිය යනවා.

ඔන්න ඉතින් ලියන්නා කෙසේ ලීවත්, කියවන්නා සිහි නුවනින් කියවන්න ඕන හොදේ. ගිහින් එන්නම්. ලව් යු. ටෙක් කෙයා. බායි!

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post