එදා හරි වැස්ස

එදා හරි වැස්ස. මම නැගිට්ටා. හරස් පොලු අතරින් අතදාලා පීලි අතරින් දොරේ ගලන වැහි වතුර පාර හරස් කලා. ඒක හරියට මගේ හිතේ ඔයා ගැන තිබ්බ හැගීම් පාවෙන්න නොදී හිර කර ගත්තා වගේ. මම අපහු හැරිලා බැලුවම දැක්කේ ඔයා. වේගයෙන් උස් පාත් උනු හුස්ම දැන් හරි ලයාන්විතයි. පිට දිගේ එහෙ මෙහෙ දිව්ව ඔයාගේ ඇගිලි නිශ්චලයි.
මම ලයිටරය හෙව්වා. සී සී කඩ විසිරුණු කාගේදැයි කියන්න බැරි ඇදුම් අතරින් මම ඒක හොයා ගත්තා. හරියට සියයක් ගණන් කෙල්ලෝ අතරින් මම ඔයාව හම්බුනා වගේ. එදත් වැහි දවසක් කුඩයක් නැතිව එලියට බහින්නේ නැතුව ෆැකල්ටියේ කොරිඩෝවේ ඉන්න කොට තමයි මම දැක්කේ. අදත් මම බාගෙට තෙමිලා.
ඒක අහම්බයක්. රමණය අමරණීය නම් අපි ටික වෙලාවකට අමෘතය බිව්වා තිබහට. එත් ඒක සදාකල් උනේ නෑ. ගුඩුස් යන්නත් කලින් අපි වර්තමානයේ.
මම ඔය ලිප්ස්ටික් රහට අසා උනේ නෑ. හෙම්ට මම කලේ ඇගිල්ලෙන් ඒක පිහිදාපු එක. හරියට මතුපිට ආදරේ පිහිදාලා රාගය මතු කර ගත්තා වගේ. මම ඉක්මන් උනෙත් නෑ එත් ඔය තොල් නොගිය තැන වල යද්දි ඉක්මන් නොවී ඉන්න බැරි උනා.
ඔයා ඇහුවේ අපි බදිනවා නේද කියල. කසාද සහතිකේ තුන හතරට නාවලා පුංචි කඩදාසි බෝට්ටුවකුත් හදලා ඉවරයි මම එතකොට. හ්ම් කියලා අතේ වැහුව මදුරුවෙක්ට ගැහුවා මිසක් මම පොරොන්දු උනේ නෑ.
“බබා ඔයා ඇහැරුනාද. හම්මේ මොකෝ බර කල්පනාවක. දැන් නම් උපාසකය වගේ හප්පේ ඊයේ තිබ්බ විසේ. මම වොෂ් එකක් දාගෙන එන්නම් පැටියෝ.”
යන ගමන් එයා ළග තිබ්බ රේඩියෝ එකත් දාගෙන ගියා. මට ඇහුනේ
සිත ඔබ පාමුල රදවා
බැදී සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නෙමි
ඔබට සෝ තැවුල් නොම වේවා

මම හීන් සීරුවට අන්තිම සිගර්ට් ඩ්රමම් එක ඉරුවා. පපුවටම කිදා බහින්න.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post