සෙනෙහසට ඔබගේ……
බැඳුනු සෙනෙහස හදට ලංවී
ඔබේ මතකෙන් මැකී ගියාදෝ
පෙමින් වෙළුනයි මට හැඟුනත්
පෙමක් ගැන ඔබ නොසිතුවාදෝ
මගේ දෙනෙතේ උපන් හැඟුමන්
ඔබට කිසි දින නොවැටහේදෝ
ලොවට රහසින් පෙම් කරපු හැටි
කෙසේ නම් මා පවසන්නදෝ…….
අමාවක දා සඳු නොයන බව
සඳු ඩොයන මා වටහා ගනීදෝ
නමුත් ඒ සඳු යලි අහසේ රැඳෙන බව
නුඹේ තොල් මට පැවසුවේදෝ
සුරතෙ මුදු ලා ඇයව කැන්දන්
සදහටම ඔබ යන්න ගියාදෝ……
නමුදු ඔබ ගැන මතු භවේදී
පැතුම් දරා බලා ඉන්නදෝ……..