රිවිශන් පන්තිය

වේලාව හිමිදිරි උදයේ හයේ කනිසම පසුවී යන්තම් මිනිත්තු පහලොහක් ගතඋනා විතරයි… බස් හෝල්ට් හතරක දුර අමාරුවෙන් බසයේ එල්ලීගෙන ඒම නිසා ඇදුම් කන සුරතින් යුතුව මම විගහට බසයෙන් බැස ගතිමි… හිමිදිරි පින්නෙන් හොදටම බැට කාපු මගෙන් පිටවුනේ… කිවිසුමක්… හපොයි!!!…

ඉස්සරහින් ගිය බටහිර පන්නෙට සැරසුනු ගැනු ලමයා මා දිහා බැලුවේ සමාජගත නොවූ වන මුරුගයෙක් දෙස හෙලන්නාක් වැනි අවඥාසහගත බැල්මක්… වරද කිවිසුමද නැතහොත් බොත්තමක් ගැලවුනු මාගෙ කමිස සාක්කුව? පන්ති කාඩය ගැනීමට කමිස සාක්කුවට අත පෙවූ මට ඉරී තිබුන සාක්කුවෙන් තවත් නූල් පොටවල් දෙකක් තුනක් ගැලවිලා යනවා දැනුනා… වයසට ගිය අච්චිලා සීයලා තමන්ගෙ බඩ වියත සරි කරගන්න හිතාගෙන අත්පත් බෙදනවා… `අත්පත් ගන්නා ගමන් ඒ අහින්සක මිනිස්සුන්ට හිනාවකින් සන්ග්‍රහ කරන්න මම අමතක කරේ නෑ … කාඩ් කපන අයිය මා දෙස නොබලාම කාඩය සලකුනු කරල දුන්නේ මට එහායින් උන්නු සුදු ගෑනු ලමය දිහා බලාගෙන.. හනේ හනිච්චන්… පස්සෙම පෝලිමට පෝලිම් දෙක තුනක් ඉස්සරහින් මම වාඩි උනේ උනන්දුවකින් නෙව්යි.. හනිකට පැන අතට ගත්තෙ අන්තිම පාරටත් ගෙදර වැඩ ටික අහවර කරල දාන්න කියලා හිතාගෙන… හිටපු ගමන් හතියට අමාරු වෙන මගෙ දුක් පත් අම්මට සලකන එක තරම් ලොකු වැඩක් මට ගෙදරනෑ…

ගාන දෙතුන් පාරක්ම කියෙව්වත් මට අදහසක්වත් ගන්න බැරි උනේ මම මෝඩයෙක් හන්දද ??… හිතට හරි දුකයි… අනිත් ලමයි එයාල හදපු ගනන් ගැන කතාව…මට මාවම එපා උනා..” කෝ ඔක්කොමලම නැගිටින්න… සුබ උදෑසනක් ඔයාලට “ඒ අපේ සර්… සර් මට මහ ලොකු කෙනෙක්.. සර් කතා කරන විදිහට.. ඉස්ටේජ් එකේ එහා මෙහා ආඩම්බරෙන් ඇවිදින විදිහට මම හරි ආසයි… මන් සර්ට ආදරෙයි අද වෙන කවදටත් නැති තරම්… අද මම පන්ති ආවේ සර්ව බලන්න… සර් ගෙ කතා අහන්න… ගෑනු ලමයින්ගෙ පැත්තෙ තිබුන කිචි කිචිය නතර වෙලා බැල්ම නතර උනේ සර්ගෙ මූනෙ, කමිසෙ, කලිසමේ, සපත්තු දෙකෙ දිස්නෙ ගාව…” අද ඉනෝගනික් ගන්න.. අද අපි ඉනෝගනික් ඉවර කරනවා “ඒ සර්ගෙ අදිශ්ටානශීලී තිර කටහඩ.. නමුදු මා අතිරය. චන්චලය.. ඉස්සරහ උන්නු කොල්ලගෙ කමිසෙන් හමපු විලවුන් සුවදට මම ආස කලත් විලවුන් ගල්වන එක මට මහ අප්‍රිය දෙයක්.. ඒ මට නැති හන්දද..?? අපේ තාත්ත කට ගොන්නක් බීගෙන ඇවිත් කියවන්නෙ සැන්ට් ගාන්නේ පියරු බබ්බු කියලා… අරන් දෙන්න පනම් නැති හින්දද කොහෙද එහෙම කියන්නේ…සර් කියන එක මම ලියාගත්තෙ සර්ගෙ මූන දිහා බලන ගමන්… සර් ගෙ මූන මෙච්චර සෞමය උනේ සැප වාහන වල යන හින්ද්ද.. නැත්තම් ගෙදර ඒසී හින්දද… හිත හැල්මෙ අයාලේ යයි…මා දැන් පාඩමෙන් ගොඩක් දුරකය ඉන්නේ… දුවන හිතට කෝ තිරින්ග මේ ගමන නවත්තන්න… තිරින්ග යෙදුවත් නොනවතින ඉසව්වකට මා යමින් සිටී.. සියල්ලම අහවර වේවි තව ටික දොහකින්…පාන්දර තිබූ සීතල වියැකී කෙමෙන් දහදිය නැගෙන්නට විය… එහා පැත්තෙ ඉන්න කොල්ලා ලියන වේගෙට මේසය හෙල්ලුම් කයි… ඔහු සැබෑ දක්ශයෙක් නිසාද ඔහු ලියන විට මේසය හෙල්ලුම් කන්නේ…” ඩී ගොනුවෙ ද්‍රවානක්‍ය වැඩිම මූලද්‍ර්ව්‍ය මොකක්ද” සර්ගේ කටහඩින් මම මාගෙ මතකයට අවසාන වරටද පන පොවන්නට විය… පලවෙනි පාර විබාගෙ කරනකොට ඉස්කෝලෙ සර් කිව්වා මතකය ද්‍රවානක්‍ය වැඩිම ක්‍රෝමියම් වල කියා… අනේ මාත් ක්‍රෝමියම් වලින් හැදුනානම් කොච්චර හොදදැයි මට මොහොතකට හිතුනේ ටකරන් වහලේ අස්සෙන් බේරීගෙන එන ගිනියමට මාව දියවෙලා යන්න ඔන්න මෙන්න හින්දා… වහලේ කොහෙන්දෝ තැනකින් ආපු අව් රැල්ලක් සර්ගෙ මූනට වැටිලා… හරිම ලස්ස්නයි.. දාර්ශනිකයෙක් වගේ… එකොලහේ කෑම විවේකෙට පස්සෙ මට ඉස්සරහ උන්නු විලවුන් කොල්ලයි එහා පැත්තෙ හිටපු කෙල්ලයි පේන්න නෑ වටපිටවෙවත්… උන් බස් නැවතුමේ ආදරය හොයාගෙන ගිහින්ද කොහෙදෝ… කොල්ලෝ කෙල්ලෝ තෙරපි තෙරපි දාඩිය වෙහෙස කාගෙන ඇස් ගෙඩි දෙක රිදෙනකල් ඇහි පිය නොහෙලා බෝඩ් එක දිහා බලාගෙන ඉන්නේ…අපේ රටේ සමාජ ඉස්තර අතර මාරු වෙන්න දුක්පතාට තියෙන එකම කපොල්ල ඒ ලෙවල් බව දන්න හින්දද කොහෙද… පන්තිය ඉවර වෙන්නත් ලගයි… මට නම් දැන් ඇති වෙලා… මේ අපිරිසිදු හුලන් පිරුනු ගුහාවෙන් මිදිලා සිහිල් සුලං රැල්ලක ආශ්වාදය විදින්න මම දැන් සූදානම්.. අදට පන්තිය ඉවරයි. ඊලග සතියේ හමුවෙමු “ බන්කුවෙන් නැගිට්ට මම හොදට සර් ගෙ මූන බලා ගත්තේ ආපහු මට සර්ව ආයේ දකින්න වෙයිද දන්නෙ නැති හන්දා.. ලබන සතිය මට අහිමි බව මම හොදාකාරවම දන්නවා… මඩගොහොරුවකින් පැනලා දුවන බසය හැල්මේ හබා යන්න ගත්තේ හෙට මගෙ හොද කරන්න බැරි ලේ පිලිකාවට බේත් ගන්න මහරගම යන්න කලමනා ලෑස්ති කරගන්න ඔනේ හින්දා විජහට…
(විවේචන, විචාරයන් හා අදහස් ඉතා අගය කොට සලකමි )

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

morabba de morabba

Related post