ලස්සන හා කැත

මේ ලිපිය පටන් ගැනීමට කලින් කීමට දෙයක් ඇත. ඔක්කොම අපේ සහෝදරියන් ලස්සනය. එත් අප පෘතජ්ජන මිනිසුන් නිසා ලස්සන සහ ලස්සනින් අඩු කියා බෙදා ගෙන ගැහැනුන් දිහා බලයි. ගැහැණු ළමයිනුත් පිරිමි ළමයි දෙස එසේ බලනවාට කිසිදු සැකයක් නැත. එමෙන්ම මේ ලිපිය කියවීමට කලින් කාන්තා පාර්ශවය, තමන් කවුද කියා හරිහැටි තේරුම් ගත යුතුය. මොකද අප අතරේ සිටින සියලු ගැහැණු ළමයින් සිතාගෙන සිටින්නේ ඇය මේ ලෝකේ සිටින ලස්සනම සුරංගනාවී බවය. එසේ සිතීම වරදක් නොවුවත් මේ ලිපිය අවසාන වෙනකන්වත් එසේ නොසිතා ඉන්න බලන්න.

පන්තියට ලස්සන කෙල්ලෙක් ආවා යයි සිතන්න. කොල්ලෙකු වශයෙන් ඔබ ඇය දෙස බලනවට කිසිදු සැකයක් නැත. එය බොහෝ දුරට එතනින් අවසන් නොවී ඔබ බලන්නේ ඇයගෙ නම්බර් එක හෝ Fb name එක හොයාගෙන ඇයත් සමග chat කිරීමටය. ඇයගෙ යථාතත්වය සෙවීමට කවදාවත් නොයයි. කෙල්ලෙක් තේරුම් ගැනීමට අපහසුය. කොල්ලන්ට සිතෙන්නේ කෙල්ලොත් සිතෙන්නේ කොල්ලන් සිතන ආකාරයට කියාය. එම මෝඩ සිතුවිල්ල වැනි දෙයක් තවත් මේ ලෝකයේම නැත. අප එසේ සිතා ඇයත් සමග මාස ගනන් chat කරයි. ඇය තමන්ට  කැමති  කියා සිහින මවයි. අවසානයේ එය සිහිනයක්ම පමනක් වෙයි. නැතහොත් කොල්ලගේ දත ගලවා මාරුවෙයි. තමන්ගේ ලස්සන, කොල්ලන් අමාරුවේ දැමීමට යොදාගනී. මෙහිදී හැම සහෝදරියකටම ඇගිල්ල දිගු නොකළ යුතුය. සමහර සහෝදරියන් ඒ කොල්ල තමන්ට ගැලපෙන්නේ නෑ කියා අවබෝධ වී ඔහුට කැමති නොවී සිටී. එහි කිසිදු වරදක් මා දකින්නේ නැත. කොල්ලන්ට වගේම කෙල්ලන්ටද එසේ සිතීමට අයිතියක් ඇත. ඇයත් සමග විවාහ වූ යයි සිතන්න. ලිංගික ආසාව නිසාම මාසයක් හමාරක් ඇයගෙ වැරදි නොපෙනෙන්නට පුළුවන. ඊට පසු පිරිමියා ලිංගික සැපයෙන් එහා ගිය දෙයක් තම ගැහැනියගෙන් බලාපොරොත්තු වීමට පටන් ගනී. එහිදී ඇයගේ අදහස්, ඇය සිතන පතන ආකාරය තමන්ට ගැලපෙනවද කියා මිනිහා සිතන්නට ගනී. මෙවෙනි  අවස්ථාවලදී බොහෝ දුරට ගැටුම් හටගනී. එය දික්කසාදයකින් වුවද අවසන් විය හැක.

නමුත් ලස්සන, හැඩරුව මොහොතකට පිරිමියාට අමතක කර ගැහැණියව හරිහැටි තේරුම් ගෙන ඇයගේ අදහස් තමන්ට ගැලපෙනවද නැද්ද යයි තේරුම් ගැනීමට හැකිනම් එම සම්බන්දය බොහෝ දුරට සාර්ථක වනවාට කිසිදු සැකයක් නැත. මොකද ගැහැණියගේ හැඩරුව අමතක කළපසු පිරිමියා ඇයගේ ලස්සනට වහල් වන්නේ නැත. ඇයගේ සිතුවිලි හදුනා ගැනීමට ප්‍රමුඛස්ථානය දෙයි. එසේ එකිනෙකා හදුනා ගෙන පටන් ගන්නා ජීවිතයෙහි අගය දැනෙන්නේ සැදා සමය ගත කිරීමේදීය. මොකද අවසානයේ මිනිහාට ඉතුරු වන්නේ තම ගැහැනියවය. එහිදී කැත ලස්සනෙන් පලක් නැත. දැන් හැම කොල්ලෙක්ම ලස්සන කෙල්ලන් දිහා වපර ඇහෙන් බලා හැඩරුව අඩු කෙල්ලන් පස්සේ යන්නත් එපා. මොකද සාර්ථක පවුල් ජීවිත ගෙවන අය අතරේ ලස්සන ගැහැණුන්ද අනන්තවත් සීටී. එමෙන්ම හැඩරුව අඩු සියළු කෙල්ලන් හොද වන්නේද නැත. සමහර කෙල්ලන් තමන්ගේ අවලස්සන, කොල්ලන්ට අනුකම්පා දැනෙන ලෙස අගවා සියලු අවශ්‍යතා ඉටු කරගන්නා අවස්ථාද නැතුවාම නොවේ. එහිදී පිරිමියාට, මම මේ මොකක්ද කර ගත්තේ යයි කියා පසුතැවීම් පවා ඇතිවීමට  පුළුවන. ඇය තමන්ට එපා උනදාටත් ඇය පස්සෙන් ඇවිද කරදරයක් වීමටද ඉඩ ඇත. අවසානයේ ජීවිතයේ ලොකුම ඇණය, ඇය බවට පත්වීමටද බැරි නැත. මොකද හැඩරුවෙන් අඩු ඇයට තව හොද කොල්ලෙකු සොයා ගැනීම අවිනිශ්චිත බැවිනි.

අවශ්‍ය වන්නේ රූපය ලස්සන වුවද කැත වුවද ඇයගේ අදහස් තමන්ට ගැලපෙනවද නැද්ද යයි හරිහැටි අවබෝධ කරගැනීමය. එවිට ඇයගේ ආදරය සැබෑවක්ද බොරුවක්ද යනවග හදුනාගැනීමට හැකිවනු ඇත. එමෙන්ම කොල්ලන් වශයෙන් ඔබද සැමවිටම ගැහැණුන්ගේ මහතවල් කෙට්ටුකම්, හැඩරුව මදිකම්, ඇදකුද සොයා ඇයට චෝදනා කිරීමට පෙර තමන්ගේ අඩුපාඩුත් හරිහැටි අවබෝධ කර ගත යුතුය.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Shehan Thamoda

Related post