ඇයගේ හදවත දකින්න…

ආදරය මෙයම වේ එය නොවේ. “ආදරය” ඇසූ සැනින්ම ඕනෑම කෙනෙකුට මතක් වනුයේ විරුද්ධ ලිංගිකයන් අතර ඇති වන ප්‍රේම සම්බන්ධතාවයි. නමුත් මෙය ආදරයේ තවත් එක මානයක් පමණි. මා පාඨක ආදරය කුමක්දැයි අර්ථ දක්වන්න යි පැවසුවහොත්? “සැබෑ ආදරවන්තයෙක්, අදරවන්තියකි” ගොළු වෙනවා නොඅනුමානයි. “ආදරයට” එක් වූ “සැබෑ ආදරය”. මේ ලිපිය සන්තානයට එක්වන සැබෑ ආදරය පිළිබඳවයි.

අද බොහෝ දෙනා “posh” යැයි සම්මත හෝ “ලස්සන” යන වචන තුල හිඳ ආදරය සොයති. නමුත් ඔබ සොයන්නේ සැබෑ ආදරයද? ලස්සන යන මිනුම් දණ්ඩේ නිරපේක්ෂ ලක්ෂය ඇත්තේ ඔබේ ඇස තුල මිස ඔබේ වටේ පිටේ ඉන්නා අයගේ නොවේ. ඔබ ආදරය කල යුත්තේ ඇයගේ හදවතට මිස භාහිර ආටෝපයට නොවේ. ඔබ “කළු/කැත” යැයි එම රූපය පමණක් වෙනුවෙන් ලොව වටිනම සුන්දරම හදවත නැතිකර ගන්නා වන්නට පුළුවන. ඔබේ හදවතින් අසන්න ඔබ, “ලස්සන” කතුන් සොයන්න ලෝකයට පෙන්වා ආඩම්බර වීමට නේද? ඔබේ ආඩම්බරය නිසා “ඔබට” ආදරය කල කෙනෙක් නැතිවී හමාරය.

ඔබ, ඔබේ පෙම්වතිය හෝ පෙම්වතා අමතන්නට කොතරම් නම් වචන භාවිතා කරනවා ඇතිද? “වස්තුව, රත්තරන්, My love, my angel” මේ අතරින් බොහෝ ප්‍රසිද්ධ වචනය. මේවා ඔබේ සිතේ අද දුටු විට ඇතිවූ හැගීම් වචන බවට පත්විමක්ද? නැත. ඔබ මේවා තවත් කෙනෙක් පෙම්වතිය මෙසේ අමතන නිසා නොවේද? එක වරක් ඔබ ඇයගේ නෙත් තුලට එබී බලා ඔබට ඇය ගැන හදවතට දැනෙන දේ සිතා බලන්න, ඔබ ඇයට ආදරේ ඇයි දැයි සිතා බලන්න. ඔබ ඇය වස්තුවක් වන්නේ ඇයි දැයි සිතා බලන්න, ඔබට ඇය ආදරේ ඇයි දැයි සිතා බලන්න, ඇය ඔබේ ජිවිතයේ සුරදුතිය වුයේ කෙසේදැයි සිතා බලන්න. එදින ඔබ ඇයව තේරුම් ගනීවි. තවත් ආදරණිය වචනයක් වෙනුවට ඔබ ඇයගේ හදවතේ පතුලටම දැනෙන්නට ආදරය කරාවි.

ඔබට ඔබ සොයන ලස්සන ඇය මුණගැසුනු කල ඔබ කරනුයේ ඇයට ඉවක් බවක් නොමතිව වියදම් කරමින්, ඇය කියන කියන දේ කරමින් ඔබට ඇය වැළැක්වීමටය. එය සැබෑම ආදරයද ? නැත එ ඔබ, එ අයව ඔබ හැරයාම වැලක්විම ය. ඔබ කිසියම් දිනක ඇයව තේරුම් ගැනිමට කාලයක් වෙන් කර බැලුවද? ඔබට ඇයව තේරුම් ගැනිමට අවස්ථාව දී බැලුවද? ඔබ ඇය තේරුම් ගෙන ඒ වෙනුවෙන් යමක් කෙරුවා නම් ඇයට ඔබව හැර යෑමට හේතු නිර්මාණය වන්නෙ නැත. එවිට ඔබ ඇයව වැලක්විය යුතු නැත. ඔබට හිමි සැබෑ ආදරයම පමණක් ඔබට ලැබෙන්නේ ඔබව ඇයත්, ඇයව ඔබත් “තේරුම් ගෙන” ඒ වෙනුවෙන් දෙයක් කල දිනයක පමණි.

ඇයගේ හදවතට එබෙන්න, ඇයගේ හදවත දකින්න. එතෙකින් ඇයගේ හදවතට දැනෙන දේ කරන්නට ඔබට හැකිවේවි. ඔබව හදවතට “දැනුන” කල ඔබ සැබෑ ආදරය තුල පමණක් ජීවත් වේවි.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

chuky

Related post