වාරියපොළ කුමාරිහාමි

නැවතත් බුකියට නිවනක් නැති සමයක් උදා වී තිබේ. වාරියපොල සිද්ධිය නිසා බුකිය කැලඹී ඇති සෙයකි. මේ ගැන නොයෙකුත් දෙනා නොයෙකුත් මත පල කරති. සමහරු කොල්ලාගේ හොද කියති, කෙල්ල ට දෙහි කපති. කෙල්ල අභිසාරිකාවක් බව කියති. තවත් සමහරු කෙල්ල මෙච්චර නෙලනකං කොල්ලා පොල් ගෑවා දැයි අසති. කෙසේ වෙතත් මෙම සිද්ධිය මගින් සයිබර් අවකාශයේ සැරිසරන ඇත්තනගේ අවධානය මැනවින් දිනා ගෙන ඇත. පැයට හැට ගනණේ පෝසට් දමන්නේ එහෙයිනි.

සිද්ධිය මැදහත්ව විමසා බැලීමේදී පෙනී යන්නේ දෙපසෙහිම වැරදි ඇති බවය. නමුත් මේ ලිපියේ අරමුණ වැරදිකරුවන් නිවැරදිකරුවන් පෙන්වා දීම නොවේ, තරුණියට සුදු හුණු ගෑම ද නොවේ. සිද්ධිය ගැන මැදහත් පසු විපරමක් කිරීම ය. ඕනෑම දෙයක හරි වැරැද්ද සයිබර් අවකාශයේ සරන්නන් විසින් තීරණය කරන යුගයක එවැන්නක් කිරීමට සිතීම පවා නිශ්ඵල ප්‍රයත්නයකි.

වාරියපොල සිද්ධිය තවත් එක් හුදකලා සිදුවීමක් නොවේ, ලාංකේය සමාජයේ පිරිහීම පෙන්වන අංශු මාත්‍රයක් පමනි.

තරුණියක් ඇදුමක් ඇදන් ගිය පලියට ඇයට සමච්චල් කල යුතු යැයි නීතියක් නැත. තරුණියකගේ ඇදුමෙන් ඇගේ චරිතය මැනීම කෙතරම් පටු සිතුවිල්ලක්දැයි මට සිතේ. ඒ මගේ පෞද්ගලික අදහසයි. සංවාදය ට විවෘතය… ඇරත් වාරියපොල තරුණියගේ ඇදුමේ අසංවර කොහේදැයි මැදහත් සිතින් විමසන්නෙකු ට ගැටලුවක් මතුවේ. තවද කොල්ලෙක් විහිලුවක් කල විට ඔහුගේ කන පැලීමට කෙල්ලට ද සදාචාරාත්මක අයිතියක් නැත. මේ සිද්ධියේදී දෙපාර්ශවය ම වැරදි යැයි කීවේ එබැවිනි. නමුත් බුකියේ සිටින සමහර ඊනියා දාර්ශනිකයන් ට අනුව කොල්ලා සාන්තුවරයෙකි,   ඔහුට වැරදීමකින් හෝ අතක් එසවිනි නම් සිද්ධිය වෙනස්ය. එවිට ඔවුන් කාන්තා අයිතීන් ඉල්ලා බුකිය පුරා කෑ ගසනු ඇත. ආස්චර්ය යනු මෙයයි.

වරදවා වටහා ගත නොගත යුතුය. වාරියපොල තරුණියගේ ඇදුම අද කාලයේ හැටියට අතිශයින් ශීලාචාරය. තරුණියක ට ඇයට රිසි ඇදුමක් ඇදීමට ප්‍රජාතාන්ත්‍රවාදී අයිතියක් මේ රටේ ව්‍යවස්තාව විසින් හිමිකර දී තිබේ. සදාචාරයට පිටින් ඇදුම් ඇදීමට ලාංකේය තරුණිය පොළබවනු ලැබුවේ ඊනියා බටහිර සංස්කෘතිය විසිනි. මේ අප විසින් අත් විදිනු ලබන්නේ එහි ප්‍රතිඵල ය. මේවා මෙසේ සිදුවෙද්දී තවමත් අපි අපේ සදාචාරය හා සංස්කෘතිය ගැන උදම් අනන්නෙමු. වංසේ කබල් ගානවා යැයි කියන්නේ මේවාට ය. ආස්චර්යමත්  සංස්කෘතියක් හිමි අපේ රටේ ඉන්නා සමහර කොල්ලන් ට තවමත් කෙල්ලෙක් ගැන සොයුරියක සේ සිතිය නොහැක. ඇහැට කනට පෙනෙන යුවතියක් බසයකට ගොඩවූ විට ඇය මුහුණදෙන අපහසුතාවය පිළිබද ව ඔබට පැවසිය යුතු නැත. තරුණියක් නොදන්නා තරුණයකු ට යන්තමින් වත් බුරුලක් පෙන්වුව හොත් ඇයට අබ සරණ ය. නමුත් මේ පවසන්නේ බහුතරයක් වූ තරුණ ප්‍රජාව ගැන නොවේ, මානසික අසහනයකින් පෙළෙන්නා වු රෝගීන් පිරිසක් ගැන ය. සමාජ සම්මතය ට අකුරටම ගරු කරන බහුතරයක් වූ තරුණ සහෝදරවරු පිරිසක් අප අතර සිටිති.

තරුණියන් ට ද යමක් කිව යුතුය. විලාසිතාව ට ආසා කල පමන ට ඒවා කිරීමට යෑම නුවණ ට හුරු නොවේ. විහිලුව ට හෝ සදාචාරයක් පවතින රටක අප ජීවත් වීම ඊට හේතුවයි. බටහිර ඇත්තන් විලාසිතා කරන්නේ ඔවුන් ට ගැලපෙන ලෙස ය. ඒවා මෙහෙ ගෙඩි පිටින් පිටපත් කිරීම හාස්‍යජනක ය. නමුත් කාලයේ තාලය ට සියල්ල වෙනස් විය යුතුය. එබැවින් යුවතියක් විලාසිතා කිරීම අතිශයින්ම සාධාරණය. ඇය තැනේ හැටියට ඇණේ ගැසීමට දැනන් තිබීම ද  අනිවාර්ය වේ. යුගයේ අවශ්‍යතාවය එයයි.

අවසාන වශයෙන් අපේ තරුණ සහෝදරවරුන් ට කීමට යමක් ඇත. වාරියපොළ තරුණියගේ වැඩේ ගානට වඩා වැඩි බව ඇත්තය. ඇයට සෙල්වා ට ගුටි පූජාවක් නොදී සිද්ධිය ගොඩින් බේරා ගැනීමට ඕනෑ තරම් ඉඩ තිබුණි. එහි තර්කයක් නොමැත. නමුත් ඇයව මේ තත්වයට පත් කරනු ලැබුයේ මේ සමාජ ය විසින්ම ය. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම කවදත් මේ ආස්චර්යමත් දේශයේ සිරිතයි. කීමට ඇත්තේ මෙයයි, ඔවා දෙනු පරහට. තමා සම්මතයෙහි පිහිටා සිට…

2014/08/20

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ravi93

Related post

If you have a Facebook account, please use the space above to reply. If not, leave a reply here: