Young couple arguing

වැරැද්ද ස්වභාවධර්මයේය…

ඔබත් මෙවැනි ගැහැනියක්ද යන ලිපියට පිළිතුරු වශයෙන් ලියමි. කාර්යබහුලත්වය හේතුවෙන් මෙම ලිපිය ලිවීමට ප්‍රමාද වීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි.

මා ලිපි කියවන අයියා කෙනෙක් විසින් ඉහත සදහන් කරන ලද ලිපිය ලියා තිබු අතර එය කියවූ විට මට ඇතිවුයේ සිනහ බව පළමුව සදහන් කිරීමට කැමැත්තෙමි.

එම ලිපියේ සදහන් පරිදි ගැහැණිය මෙල්ල කිරීමට පිරිමියාට ස්භාවධර්මය විසින් දරදඩුකම ලබා දී ඇත. මෙහිදී මට සිහිවන්නේ මෑතකදී සිදුවූ පුතා තම පෙම්වතියට ඇදුම් අරන් දීමට මුදල් ලබා නොදුන් මව ඝාතනය කිරීම සම්බන්ධ සිද්ධියයි. මෙහිදී අයියා “ගැහැණිය මෙල්ල කිරීමට පිරිමියාගේ දරදඩු ස්වභාවය බවිත කිරීම කවුරුන් හෝ හෙලා දකිනවනම් එහි වැරැද්ද ඇත්තේ ස්වභාවධර්මයේය.” කියා සදහන් කරයි එසේනම් උසාවියෙන් ඝාතක පුතාට ලබා දුන් තීන්දුව නිවැරදි නොවේ. මන්ද ඔහු විසින් සිදු කර ඇත්තේ තම මව නමැති ගැහැණිය මෙල්ල කිරීමට ස්වභාවධර්මය විසින් ලබා දුන් දරදඩුකම ප්‍රයෝජනයට ගැනීමයි. එසේනම් උසාවිය දඩුවම් පැමිණිවිය යුත්තේ ස්වභාවධර්මයටයි.

මෑත අතීතයේ සිදුවූ තවත් සිදුවීමක් නම් පෙම්වතෙක් තම පෙම්වතියගේ සිරුරේ කිහිප තැනකටම පිහියෙන් ඇන තමාද එම පිහියෙන්ම ගෙල කපා ගැනීමයි. මෙහිදී සිදුවී ඇත්තේ ආගම් ප්‍රශ්න හේතුවෙන් පෙම්වතියගේ නිවසින් ඝාතක පෙම්වතාට අකමැති වීම නිසා කුපිත වූ පෙම්වතා තම පෙම්වතිය ඝාතනය කිරීමයි. ඉහත සදහන් කළ ලිපියේ දැක්වෙන ආකාරයට මෙය වරදක් නොවේ. මන්ද “වැරැද්ද ඇත්තේ ස්වභාවධර්මයේය”.

යාපනයේ සිසුවියක් දුෂණය කර මරා දැමීමේ සිද්දියත් මේ සදහා නිදසුනකි. දුෂණය වූ සිසුවියගේ මව මෙල්ල කිරීමට දියණිය දුෂණය කිරීම සාහසිකයන් විසින් ගත් තීරණයයි. තීරණයෙහි වරදක් නැත, “ගැහැණිය මෙල්ල කිරීමට පිරිමියාගේ දරදඩු ස්වබාවය බවිත කිරීම කවුරුන් හො හෙලා දකිනවනම් එහි වැරැද්ද ඇත්තේ ස්වභාවධර්මයේය.”

මෙම ලිපිය ලියු අයියට අනුව නම් ලංකාවේ නීති පොත අලුතින් ලිවිය යුතු නොවේද?

ඕනිම කණ්ඩායමකට නායකයෙක් අවශ්‍යය. එය මා කිසි විටෙකත් ප්‍රතික්ෂේප නොකලෙමි. මා පෙර ලිපියේදී යළි යළිත් සදහන් කර සිටියේ ගැහැණියට අවශ්‍ය පිරිමියාට සම තැන නොවන බවත් ඇයට සමාජයේ හිමි විය යුතු තැන බවත්ය. “ඔබත් මෙවැනි ගැහැනියක්ද ” යන ලිපිය ලියු අයියාගෙන් මා ඉල්ලා සිටින්නේ නැවතත් මා විසින් ලියු “ඔබත් පිරිමින් අතරින් කෙනෙක්ද ” යන ලිපිය සිහියෙන් යුතුව කියවන ලෙසය.

කොණ්ඩය වවා, මාල දමා, කරාබු දමා බස් රථ වලට ගොඩවන පිරිමින් දෙස බලන්නේ සල්ලාලයන් දෙස බලන ආකාරයට කියා මා නොසිතමි. එය ඔබගේ වැරදි වැටහීමක් විය යුතුය. එය එසේ සිදුවේ නම්, කොටට ඇද තොල් රතු කරගත් කාන්තවක් බස් රථයකට ගොඩ වූ විට ඔබ ගණිකාවක් බස් රථයට ගොඩ වූ සේ ඇය දෙස බැලීම, ඇයට සරදම් කිරීම නිවැරදිද? එය කාන්තාවගේද අයිතිවාසිකම් කඩවීමක් නොවේද?

පතිවත පිළිබද අයියා සදහන් කර තිබු කාරණා ගැන මා ප්‍රසාදය පළ කරමි. පිරිමි ඔබගේ පතිවත පරික්ෂා කිරීමට ක්‍රමයක් තිබුනා නම් දහස් ගණන් තරුණියන්ගේ ජිවිත විනාසය වලක්වා ගත හැකිය. අකලට පරවන රෝස කුසුම් ප්‍රමාණය අවම කරගත හැක. එහෙත් ඔබගේ ස්භාවධර්මය ඊට අවස්ථාවක් ලබා දී නැත.

බසයකදී ගැහැණුන්ට හිරිහැර කරන පිරිමින් ඕනෑ තරම් සිටියි. උදේ හවස බසයේ ගමන් ගන්නා කෙනෙකු වශයෙන් මෙය මගේ අත්දැකීමය. මිනිසුන් පිරි බස් රථයකදී ගැහැණුන්ගෙන් අයතු ප්‍රයෝජන ගන්නා පිරිමින් සිටී. අත ගැවුනත් පතිවත නැති කිරීමට ආව මෙන් බැන වදින්නේ නැති ගැහැණිය එම අවස්ථාව මග හරි නමුත් පිරිමියා ඊට ඉඩ නොදෙයි නම් එහි තේරුම ඔහු හිතා මතා ඇය ස්පර්ශ කල බව නොවේද? එවැනි අවස්ථාවක බැන වැදීම මාගේ දැක්කම අනුව නම් සාධාරණ අතර අයියේ ඔබේ ස්භාවධර්මය අනුව අසාධාරණදැයි මා නොදනිමි.

පිරිමියා නොමැතිව කාන්තාවකට පැවැත්මක් නැත්නම් අවිවාහක කාන්තාවන්, වැන්දබු කාන්තාවන් මෙලොව සිටිය නොහැක. පියා අහිමි දියණියන්, සැමියා අහිමි බිරිදන්, විවාහ නොවූ කාන්තාවන්, සහෝදරයන් නැති සොයුරියන් මෙලොව සිටින බව ඔබට මතක් කර දීමට කැමැත්තෙමි. පිරිමියා නොමැති පැවැත්මක් කාන්තාවන්ට ඇත. ඔබගේ එම වැරදි වැටහීම දුරු කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

අවසන් වශයෙන් ඔබගේ ඉල්ලීමට සවන් දෙමී. අයියේ අපි අපගේ සිමාවේ සිටින්නෙමු. කාන්තාවකන් වශයෙන් අප ඔබගේ සීමාවට නොඑන්නෙමු. අප ඉල්ලන්නේ පිරිමියාගේ සම තැන නොවේ. කාන්තාවකට සමාජයේ හිමි විය යුතු නිසි තැන හා නිසි ගෞරවයයි. අනවශ්‍ය අටෝප අවශ්‍ය නොවේ!

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post

If you have a Facebook account, please use the space above to reply. If not, leave a reply here: