ආදරය

ආදරය… ආදරය… ආදරය…

තුන් සැරයක්ම කිව්වේ, ආදරය කියන්නේ අද හැමතැනම කතාවෙන වචනයක් නිසා. එත් ආදරය කියන උත්තරීතර වචනය අද වැරදි ලෙස ගොඩක් දෙන බවිතා කරන බවයි කතෘගේ හැගීම. අද මියුසිකල් ෂෝ එකක් බලන්න ගියත්, රුපවාහිනියේ යන සංගීත වැඩසටහනක් බැලුවත් නිතර අහන්න ලැබේන වචනයක් තමයි “මම ඔයාලට ආදරෙයි” මම ඔයාලට ආදරෙයි” කියන එක. එත් එහෙම දැකපු නොදැකපු, අදුරන නොඅදුරන හැම දෙනාටම අපිට ආදරය කරන්න පුලුවන්ද?

කතෘගේ අදහසට අනුව නම් ආදරය කියන්නේ සංසාරික බැදීමකට. අද අපේ බිරිද, පෙම්වතිය වෙලා ඉන්න කෙනා පෙර ආත්මයක අපේ අම්ම වෙලා ඉදල තියෙන්න පුළුවන්. අපේ දියණියක්, සහෝදරියක් වෙලා ඉදල තියෙන්න පුළුවන්. එත් ඒ හැම අවස්ථාවකදීම එකිනෙකා කෙරෙහි තියෙන බැදීම එකක් . එකට තමයි ආදරය කියල කියන්නේ.

ඒ කවදාවත් වෙනස් වෙන්නේ නෑ. එකයි සමහරු දැක්ක පළමු වතාවේම අපිට හුරු පුරුදු බවක් දැනෙන්නේ. ආදරයක් ඇතිවෙන්නේ. සංසාරේ කවමදාවත් හමුවෙලා නැති දෙන්නෙක් අතර ආදරයක් ඇතිවෙන්න බෑ කියල එකෙන් කියවෙන්නේ නෑ. දෙන්නේක් බොහො කලක් එකට ඉන්නකොට එකිනෙකා කෙරෙහි ඇතිවෙන විශ්වාසය ආදරයක් බවට පෙරලෙන්න පුළුවන්. එත් එක කාලයත් සමග දෙයක්. දැක්ක පමණින් වෙන දෙයක් නෙමෙයි.

එත් ගොඩක් දෙනා පටලවාගෙන ඉන්න දෙයක් තමයි දුටු පමණින් ඇතිවෙන අකර්ශනය තමයි ආදරය කියන එක. දුටු පමණින් ආදරයක් ඇතිවෙන්න නම් සංසාරික බැදීමක් තියෙන්න ඕන. නැත්නම් ඇතිවෙන්නේ ආකර්ශනයක් විතරයි. එත් ගොඩක් දෙන හිතන් ඉන්නේ ආදරයයි, අකර්ශනයයි එකක් කියලා. එත් දුටු පමණින් අතිවෙන හැගීමට ආදරය කියල නිර්වචනය කරන්න කතෘ සුදානම් නෑ.

කවුරු හරි කියල තියෙනවා ආදරයයි, වෛරයයි අතරේ තියෙන්නේ කෙස් ගහක වෙනසක් කියාලා. එත් අපි මොහොතක් හරි ආදරය කරපු කෙනෙක්ට ඊලග මොහොතේ වෛර කරන්න පුලුවන්ද? හීනෙකින්වත් බෑ. ඇත්තටම කෙස් ගහක වෙනස තියෙන්නේ වෛරයයි, අකර්ශනයයි අතරේ. ඒ ආකර්ෂණය (කැමැත්ත) නැතිවුණ ගමන් එක පාර්ශවයක් අනිත් පාර්ශවයට වෛර කරන්න පටන් ගන්නවා. එත් ඇත්තටම ආදරය කරපු දෙන්නෙක්ට කවදාවත්ම අනිත් කෙනා එක්ක තරහ වෙන්න බෑ. හරියට අම්ම කෙනෙක්ට තමන්ගේ දරුවා එකක් තරහ වෙන්න බෑ වගේ.

ගොඩක් දෙන හිතාගෙන ඉන්න තවත් දෙයක් තමයි අපි ආදරය කරන අය අපි අයිති වෙන්න ඕන කියන එක. එත් ඇත්තටම ආදරය කියන්ණේ අයිති කර ගැනීමම නෙමෙයි. අපි ඇත්තටම කෙනෙක්ට ආදරය කරනවා නම් ඒ කෙනා අපිට ලැබුනත්, නොලැබුනත් එකෙනාට දක්වන ආදරයේ වෙනසක් නොවිය යුතුයි. වෙනසක් වෙනව නම් එතන තිබිල තියෙන්නේ ආදරයක් නෙමෙයි. නිකන්ම නිකන් ආකර්ශනයක් විතරයි. එකයි කැමැත්ත නොලැබූන ගමන්ම අනිත් කෙනාට වෛර කරන්න යන්නේ.

කතෘ නං දකින්නේ කැමැත්ත කියන්නේ එළිපිට ආදරය කරන්න ලැබෙන අවසර පතක් කියල. ඒ අවසරය නොලැබීම කෙනෙක්ට ආදරය කරන්න බාදාවක් නෙමෙයි. ඒ කෙනා ලැබුනත් නොලැබුනත්, ලග හිටියත් දුර හිරියත් ඒ ආදරයේ වෙනසක් වෙන්න ඔන කමක් නෑ. කුරුල්ලන්ට පියබන්න සිමා මායිම් ඕන නෑ වගේ කෙනෙකුට ආදරය කරන්නත් සිමා මායිම් ඕන වෙන්නේ නෑ. විය යුතේ පුද්ගල සබදතාවය අනුව ආදරය කරන විදිය වෙනස් කිරීම පමණයි.

අදාල පුද්ගලයාට ගැලපෙන විදියට අඩුවැඩි වශයෙන් ආදරය කිරීමෙන් කිසිම ගැටළුවක් ඇතිවෙන එකක් නෑ කියලයි කතෘගේ හැගීම.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post

1 Comment

  • මැනවින් පවසා තිබුණි …. කතෘ ඔබටත් හොදවයින ආදරයක් ලැබේවායි හදවතින්න්ම පතමි …. 😉

If you have a Facebook account, please use the space above to reply. If not, leave a reply here: