ඔබත් මෙවැනි ගැහැනියක්ද?

හුදෙක් ස්ත්‍රී ලිංගයක් ඇති ගැහැනුන් සදහා!

මෙම වෙබ් පිටුවෙහි එක්තරා නංගියෙක් ගැහැණුන්ගේ අයිතිවසිකම් අහිමි වීමක් ගැන මහා ඉහලින් ලියා තිබෙනු දුටුවෙමි. ගැහැණුන්ගේ අයිතිවාසිකම් ගැන තර්ක කරන්නට මම මෙය අවස්ථාවක් කර ගන්නට නොයමි. එහෙත් අයිතිවාසිකම් අහිමිව ඇත්තේ ගැහැනුන්ට පමණක්ද යන්න සොයා බැලීම වටී.

ගැහැනුන්ට සේම පිරිමින්ටද සම අයිතිවාසිකම් ඇත්තා සේම ඒවා අහිමිවූ අවස්ථාද එමටය. එහෙත් ගැහැනුන් සේ පිරිමින් තම අයිතිවාසිකම් දිනා ගැනීමට ගැහනුන් ඉදියේයේ හඩා වැටෙන්නට යන්නේ නෑ සේම, ඒ සදහා තම උපතින් හිමි වූ දරදඩු ස්වබාවය භාවිත කිරීමටද මැලිවන්නේ නැත.

ගැහැණිය මෙල්ල කිරීමට පිරිමියාගේ දරදඩු ස්වබාවය බවිත කිරීම කවුරුන් හො හෙලා දකිනවනම් එහි වැරැද්ද ඇත්තේ ස්වභාවධර්මයේය. උපතින්ම පිරිමියා ගැහැණියට වඩා හැඩිදැඩි කර ඇත්තේ ස්වභාවධර්මයාය. නැතහොත් උපතින්ම ගැහනියද පිරිමියා සේම හැඩිදැඩි කිරීමට ස්වභාවධර්මයට තිබුණි. ස්වභාවධර්මය එසේ නොකළේ පිරිමියාට වෙනසක් අවැසි නිසාය.

එකම හැකියාවන්ගෙන් හා බුද්ධි මට්ටමකින් යුත් පුද්ගලයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකට වුවද නායකයෙක් අවැසිය. නායකයෙක් නැතහොත් කණ්ඩායමට පැවැත්මක් නැත. එසේම ගැහැනියගේ නායකයා පිරිමියාය. පිරිමියා නැත්නම් ගැහැණියට පැවැත්මක් නැත.

ගැහැණුන්ගේ අයිතිවාසිකම් අහිමිවීම වෙත නැවත පිවිසිය හොත්,

අයිතිවාසිකම් අහිමිවී ඇත්තේ ගැහැනියගේ පමණක් නොවේ. පිරිමියගේද අයිතිවාසිකම් අද සමාජයේ අවදානමකට ලක් වී ඇත. කොණ්ඩය ටිකක් වැඩිපුර වවා ගත් බෙල්ලට මාලයක් දැමු පිරිමියෙක් බසයකට ගොඩ වුවහොත් එහි සිටින ගැහැනුන් සියලු දෙනාම ඔහුදෙස බලන්නේ සල්ලාලයෙකු දෙස බලන බැල්මෙනි. බසයේදී පිරිමියෙක්ගේ අතක් ගැහැණියකගේ ඇගේ ස්පර්ශ වුවතොත් ඔහුට නින්දා ලබන්ට සිදු වන්නේ අගේ පතිවත නැතිකිරීමට උත්සහ කොට අසුවූ ආකාරයටය. එසේ අද සමාජයේ පිරිමියෙක්ට නිදහසේ බසයක යාමේ අයිතිවසිකමද අහිමිය.

පෙම් සබදතා වලදී පෙම්වතියගේ පතිවත අහිමිවීමක් ගැනද අර නංගි සදහන් කර තිබුණි. මෙහිදී කතාබහට ලක් විය යුතම අසාධාරණය නම් පෙම්වතිය තම කැමැත්තෙන්ම අදාල කර්තවය සිදු කර ගත්තත් අවසානයේ ගැරහුම් ලැබීමට සිදු වන්නේ පිරිමියාට වීමයි.

ගැහැණියට පතිවතසේ පිරිමි අපටද පතිනිවතක්තිබුන නම් තත්වය මිට වැඩ වෙනස් වන්නට තිබුණි. එසේ නම් ගැහැණිය නිසා පතිනිවත අහිමි වුවා යයි අපටද චෝදනා නගන්නට තිබිණි. එසේ වුවා නම් ගැහැණියට ගැලවීමක් ඇත්තෙම නැත.

ගැහැණියට නිසි ගෞරවය ලබා දීමට පිරිමි අපි කිසිවිටෙකත් මැලි වන්නේ නැත. එහෙත් ඒ ලබා දෙන ගෞරවය වැරදි ආකාරයට වටහාගෙන පිටිමි අපිටම පාට් දන්නට එන ගැහැණුන්ද නැතුවම නොවේ. ලගදි දවසක මාලබේ සිදුවූ සිද්ධිය මෙයට හොදම උදාහරණයකි. එහිදී අදාල කාන්තාව තම ස්ත්‍රීත්වය අමු අමුවේ පවා දෙමින් පොලිස් නිලධාරියාට නින්දිත ලෙස බැන වදියි. එහෙත් ඇය කාන්තාවක් නිසා පොලිස් නිලදාරියා තම පිරිමිකම ආයාසයෙන් වුවත් මැඩගෙන සිටියි. එහිදී ඇය කාන්තාවක් නොවී පිරිමියෙක් වුවා නම් තත්වය මිට වඩා හුගක් වෙනස් වන්නට ඉඩ තිබිණි. එසේම මිට වසරකට පමණ ඉහතදී වරියපොලදී සිදු වූ සිදු වීමද මීට‍ දෙවැනි නොවේ.

අවසන් වශයෙන් කියන්නට තියෙන්නේ නංගියේ අපි ඔබට නිසි ගෞරවය ලබා දෙන්නෙමු. ඔබ ඔබේ සිමාව හදුනා ගන්න. අපි අපේ සිමාවේ ඉන්නම්. සිමාව ඉක්මවන්ට ගොස් ඔබේ ගැහැණු කමත් අපේ පිරිමි කමත් ලෝකය ඉදිරියේ අභියෝගයට ලක් නොකරන්න. ස්තුතියි!

සැකසුම: පැතුම් විදානගමගේ 

පසුව ලියමි, මෙලොව ඇති අහිංසකම හදවතත් මෙලොව ඇති කුරිරුම හදවතත් එකම ශරීරයක පිහිටුවා නිමවා ඇති ඒ සොදුරු නිර්මාණය ගැහනියයි. සහතික ඇත්ත!

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post

If you have a Facebook account, please use the space above to reply. If not, leave a reply here: