අකාලිකව පල්වෙන ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමය

ලාංකික අධ්‍යාපනය හුදෙක් “ගිරවා දැමීම” මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමයක් ලෙස හැඟී යන්නේ වර්තමාන සමාජයේ දක්නට ලැබෙන සිසු සිසුවියන්ගේ ප්‍රායෝගික යෙදීම් දුටු විටය. ශ්‍රී ලංකිකයාට කහ ඉරෙන් පාර මාරුවෙන ආකාරය උගන්වන්නේ ප්‍රාථමික පාසල් අවධියේදිය. වාර විභාගයේදී පාර මාරුවෙන ආකාරය ඇසු දුටු විටද ඔහුට හෝ ඇයට ඒ ප්‍රශ්නයට සම්පුර්ණ ලකුණු හිමිය. නමුත් ලංකාවේ වැඩිපුරම රිය අනතුරු වාර්තා වන්නේද කහ ඉරෙන් පාර මාරු වන විට සිදුවූ අනතුරුය. මෙය එක් උදාහරණයක් පමණි .

බොහෝ දෙනෙකුගෙන් ඔබ ගණිත අංශයෙන් උසස් පෙළ ලිවීමට තොර ගත්තේ ඇයිදැයි ඇසුවිට බොහෝ දෙනාගේ පිළිතුර වන්නේ “රැකියා වෙළඳ පොලේ බහුලව රැකියා ඇත්තේ ගණිත අංශයටයි “, “ගණිතය අමාරු විෂයක්, සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රතිපල හේතුවෙන් මට එය කල හැකි” නැතහොත් “පිළිගැනීම ඇත්තේ ගණිත අංශයට යන්නයි “. දිනක් ප්‍රසිද්ධ පාසැල සිසුවියකගෙන් මෙවැනිම පිළිතුරක් ලැබුණි. එහි බරපතල තත්වය පඨකයාට දැනවීම පිණිස මම ඇගේම වාක්‍ය කාණ්ඩය යොදා ගනිමි. ඒ “Maths කලාම හැමෝටම මාව bright වගේ පෙන්වා”. කිසිවෙකුගේ පිළිතුර ගණිතයේ ප්‍රායෝගික යෙදිම් ඉගෙනීම යන පිළිතුර නොවුනි. ශ්‍රී ලංකික සිසු සිසුවියන්ගේ තත්වය මෙය යැයි හැඟෙන විට ලංකාව තවමත් 3 වන ලෝකයේ රටක් වීම පුදුමයට කරුණක් නොවේ.

අද ලංකාවේ කෝටිපතියන් විය හැකි එක් මාර්ගයක් නම් උසස් පෙළ උපකාරක පන්ති පවත්වාගෙන යාමයි. මෙවායේ කෙරෙන්නේද උදේ සිට රාත්‍රිය දක්වා එකම දේ නැවත නැවත කරමින් සිසුන්ට කටපාඩම් කරවීම නොවේද? උසස් පෙළ විභාග ගණන් වලද බොහෝ ගණන් ප්‍රයෝගිකත්වය අභිබවා ගිය ලොව පැවතිය නොහැකි තත්වයකට කවුරුන් හෝ පෙර සොයාගත් න්‍යායක් හෝ සමීකරණයක් යෙදීමයි. මෙවන් තත්වයක හිඳ ලංකාවේ නව නිර්මාණ ලෝකයට යන්නේ කෙසේද? ශ්‍රී ලාංකික සිසුන් තුලින් ප්‍රයෝගිකත්වය එලියට ගැනීමට හැකි අධ්‍යාපන ක්‍රමයක් හා ඒ ප්‍රයෝගිකත්වය එදිනෙදා ජිවිතයට යොදවා ගැනීමට අවශ්‍ය සහයෝගය ලැබෙන්නා වූ ක්‍රමවේදයක් ලංකාවට ලැබුන හොත් සැඟවුණු බොහෝ දක්ෂතාවයන් ලොවට හෙළිවේ යන්න මගේ අදහසයි .

මෙවන් වූ බොහෝ බාධක මැද්දේ වුවද ස්වෝත්සාහයෙන් සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව ලොව බැබලෙන ශ්‍රී ලංකික දියමන්ති අතලොස්සක් පමණ අප සතුව ඇත. ඔවුන් හට මා හිස නමා ආචාර කරමි. ඔවුන්ගේ මැදිහත් වීමෙන් හෝ මෙම ක්‍රමය වෙනස් වේවායි මා ඉත සිතින් ප්‍රර්ථනා කරමි!

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

chuky

Related post

If you have a Facebook account, please use the space above to reply. If not, leave a reply here: