දුයනු-අල්පයනු-පයනු -අල්තයනු = දුප්පත්
“සල්ලි… අපිට විහිලු රහයි”. කුඩ්ඩෙක් කියන්නේ.
“මුංට කුඩුගහන්ඩ නං සල්ලි තියෙනවා වෙන මොනවට නැතත්..”
” මල්ලි.. මට සතියකට ප්‍රෙෂර් පෙති ඕනි… මට නෙවයි ඕයි අම්මට ”
“ඈ.. 30යි? තොපි ඕව රත්තරං වලින්ද යකෝ හදන්නේ? තියාගනින් තොගේ රෙද්ද !”
“පෙත්තට 30 ගානේ දෙන්ඩ තෝ හිතුවද මම ජනාධිපති කියල ?”
“නෝනා… කාන්ඩ.. අඳින්ඩ වත් නහෑ.. නෝනා.. පොඩි එවුං දෙන්නෙක්
ඉන්නවා නෝනා.. කීයාක් හරි දෙන්ඩ නෝනා..මහත්තයා..” 100ක නැග්ග හිඟන්නෙක් කියන්නේ.
“මුංට අතපය 4 හොඳට තියෙනවා.. ලජ්ජා නැතුව බොරු කිය කියා හිඟාකන හැටි !?
තුහ් නොදකිං ”
“ඕකුං ඔය බොරු කරන්නේ මුදලාලි ගෙනත් බස්සන්නේ ලොරියෙන් හිඟාකන්ඩ..
පඩියට බොරු කියකිය යන්ඩ තොපිට ලජ්ජා නැද්ද යකෝ? ”
“මුදලාලිට වැඩ කරත් කිව්ව ටික සේරම ඇත්තයි මහත්තයෝ..”
“හප්පා.. ආයෙත් මන්ත්‍රී කාරය..
මූ මට නිදහසේ ඉඳ දෙන්නෙම නැහැනේ යකෝ” වත්තේ චන්ඩියා කියන්නේ
“හෙලෝ සර්… ඇයි සර්.. කියන්ඩ මොකද්ද අබ්ලික් එක..? අනිවා සර් අනිවා ..
පෝරියල් එක දෙන්ඩද? කුදලන් එන්ඩද?..”
“අම්මටහුඩු දාබරේ අයියද?.. ඌ පොඩි කාලේ ඉඳන් එකට බත් කාපු එකානේ මන්ත්‍රීතුමා..
බැරිද වැඩේ ගොඩින් බේරන්ඩ ?… හරි හරි සර් කලබල වෙන්ඩ එපා,
මම කරන්නං..ජයවේවා සර්..හරි සර්..හා සර් ”
“මුගේ අම්මට !!! ”
“අඩෝ පරයා !, තෝ අහුවෙනකන් මම හිටියේ.. කෝ බල්ලෝ මගේ සල්ලි?”
“මුදලාලි මගේ දෙයියෝ.. හෙට උදේම ගෙනල්ල දෙන්නන් මහත්තයෝ..
මෙය දවස්වල වැඩක් හම්බුනේම නැහැ රත්තරනේ..” හන්දියේ සිරිපාල අයිය කියන්නේ
“තොගේ ආච්චිට හාල්ගරන්ඩද යකෝ.. තෝ හෙට මැරුණත් මට කමක් නැහැ..
මගේ සල්ලි ටික ගෙනත් දියන් හවසට.. තොගේ ඇඟිලි කපනවා දැනගනින් සක්කිලි බල්ලා ”
“දෙන්නං මහත්තයෝ.. හවසට දෙන්නං..ගෙදරටම ගෙනල්ල ”
“හෙන මුට ගහනව, හප්පට නාකිය !”
“වඩයාක්.. පහායි.. පහායි.. වඩයාක්.. ඉස්සෝ වඩේ.. පරීප්පු වඩේ..
ලාබයි..පහායි වඩේ..” ගෝල් ෆේස් එකේ වඩේ බදින එකෙක් කියන්නේ.
“යකෝ මේව කන්නේ කොහොමද? මේවයේ වැලිනේ ?..
තොගේ ආච්චිගේ දත් සෙට් එකත් දීපන් මේවත් එක්ක, බුරුවා ?”
“අනේ මේ මහත්තය කන්ඩ බැරි නං තියල යන්ඩ.. වද දෙන්නේ”
“මුගේ මහන්තත්ත කම බලපන්කො.. හිඟන්නෙක් වගේ වඩේ බදිනව නං
ඒ විදියට ඉඳපන්..”
“අනේ මේ යන්ඩ යන්ඩ මහත්තය..
ගෙදර ගෑනියි පොඩි එකයි බඩගින්නේ.. මූ වඩේක වැලි කැටයක් ගැන කතා කරනවා..”
2 Comments
Ado siraa bn…………. 🙂
Ado siraa bn……