Happy And Sad Smileys Showing Positive Negative Emotions

හසරැල්ල හා කඳුලැල්ල

හසරැලි

විටෙක මුවඟට නොදැනුවත්ව ගලන

තවත් විටෙක කඳුලැලි අත වැනුවත් නොඑන

සන්තුෂ්ටිය නැමැති කුටියෙ ද්වාරය විවර කරදෙන

නමුදු සන්තාපය දුටු කල්හි සැනින් අතුරුදන් වන

හසරැලි…

 

කඳුලැලි

දිලිසුනත් නෙතු අඟ සන්තාපයෙ උල්පත

සැඟවුවත් හිතුවක්කාරව හසරැලි මකා දමන

සුසුම් සමඟ මිතුරුව හදවතට අඩත්තේට්ටම් කරන

නමුදු සන්තාප සිත් සොදා නිවාලන

කඳුලැලි…

 

දිනෙක හදවත නම් වූ කැඩපත දකීවිද

ලංව හිඳ

හසරැල්ල කඳුලැල්ලට තුරුලුව උණුසුම විඳින යුරු

කඳුලැල්ල හා හසරැල්ල…

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

chuky

Related post

If you have a Facebook account, please use the space above to reply. If not, leave a reply here: