hat tossing ceremony at graduation

රාජ්‍ය විශ්වවිද්‍යාල හා පෞද්ගලික විශ්වවිද්‍යාල

ලෝකයේ විශ්වවිද්‍යාල රාජ්‍ය හා පෞද්ගලික වශයෙන් දෙවර්ගයකි. රාජ්‍ය විශ්වවිද්‍යාල අදාල රටේ බලයේ පවත්නා රාජන මගින් පලනය කරනු ලබන අතර, පෞද්ගලික විශ්වවිද්‍යාල යම්කිසි පෞද්ගලික පාර්ශවයක් විසින් මෙහෙයවනු ලබයි. මේම දෙවර්ගයේහිම විශ්වවිද්‍යාලවල මගින් පිළිගත් උපාධි පිරිනමන අතර, ඒවාට යම්කිසි මිලක් නියම කර තිබේ. (ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල හැර) .

නමුත් පෞද්ගලික  විශ්වවිද්‍යාල ලංකාවේ අයට අරුමයකි. පෞද්ගලික  විශ්වවිද්‍යාල යන නම අසු පමණින් ඇගේ ලේ රත්වෙන් පිරිසක් පෙරට සිටින්නේ එබැවිනි. ඔවුන්ගෙන් බහුතරයක් නිදහස් අධ්‍යාපන ක්‍රමය යටතේ රජයේ විශ්වවිද්‍යාල වල නොමිලේ උපාධිය හදාරන සිසුන්ය. පෞද්ගලික  විශ්වවිද්‍යාල මෙරටින් තුරන් කිරීමට ඇත්නම් ඔවුන්ට උපාධිය නොලැබුනත් කම් නැති තරම්ය.

විශ්වවිද්‍යාල වල නොමිලේ උපාධිය පිරිනමන නිදහස් අධ්‍යාපනය යයි එකක් ඇත්තේ මේ පුංචි ලංකාවේ පමණි. ඒ අතින් ලංකාවේ රාජ්‍ය  විශ්වවිද්‍යාල වල නොමිලේ ඉගෙනුම ලබන සිසුන් නිදහස්  අධ්‍යාපනයට ස්තුතිවන්ත විය යුතුය. එය බිහිකළ අයට උදේ හවා මල් තැබිය යුතුය. නමුත් සිදුවන්නේ කුමක්ද? ඔවුන් තමන් ලද නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාබ භුක්තිවිදීම පසෙකලා පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිමයභාවය අභියෝගයට ලක්කරයි. තම අධ්‍යාපන කටයුතු අඩාල කරගෙන පෞද්ගලික විශ්වවිද්‍යාල වසා දැමීමට උද්ගෝෂණ, පිකටින් පවත්වයි.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල නිදහස් අධ්‍යාපනය හදාරන සිසුන්ට මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාලවල මුදල් ගෙවා අධ්‍යාපනය හදාරන සිසුන්ටද තම අධ්‍යාපන කටයුතු හරි ආකාරව කර ගැනීමට සමාන අයිතිවාසිකමක් ඇත. එයට අභියොග කරන්නට යාම හෝ එම කටයුතු වලට බාධා කිරීම උගත් බුද්ධිමත් පිරිසකට ගැලපෙන කාරණයක් නොවේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගනු ලබන්නේ උසස්පෙළ පාදක කරගත් Z ලකුණු ක්‍රමයකට බව අද බොහෝ දෙනා දන්නා දෙයකි. ලංකවේ පවතින් සීමිත රාජ්‍ය විශ්වවිද්‍යාල සංඛ්‍යාව හෙතුකොටගෙන එසේ ඇතුලත් කර ගැනීමේදී හොද ප්‍රතිපල ලබාගත් යම් සිසුන් පිරිසකට එම අවස්ථාව හිමි නොවන වග නොරහසකි. Z ලකුණේ දශමස්ථාන දෙක තුනක වෙනස් වීමකින් එක සිසුන් පිරිසකට විශ්වවිද්‍යාල වරම් ලැබීමත් තවත් සිසුන් පිරිසකට විශ්වවිද්‍යාල වරම් නොලැබී යාමත් කතාබහට ලක්විය යුතු මට්ටමේ අසාධාරණයකි.

මෙලෙස විශ්වවිද්‍යාල වරම් අහිමිවන හොද ප්‍රතිපල ගත් සිසුන්ට අත් වන ඉරණම කුමක්ද? එක්කෝ ඔවුන්ට තම උසස් පෙළ ප්‍රතිපල වලින් ඉල්ලුම් කල හැකි රැකියාවක් තොර ගත යුතුය. නැතහොත් උසස් තක්ෂණ ඩිප්ලෝමාවක් හො රජයෙන් පිරි නමන එවැනි වෙනත් කිසියම් ඩිප්ලෝමවකින් සැහීමකට පත් විය යුතුය. නමුත් ඩිප්ලෝමවකින් සැහීමකට පත් නොවන සිසුන් උපාධියක් අපේක්ෂාවෙන් විදේශ ගත වීමට පෙලබෙයි. එය බොහො වියදම් ගෙන දෙන්නකි. අතමිට සරු පවුලක දරුවෙක්ට එය ඉතා සුළු කාරණයක් වුවද, මධ්‍යම පන්තික පවුලක දරුවෙකුට එය ඉතා අපහසු දෙයකි. එසේම මෙසේ උපාධි අපේක්ෂාවෙන් විදේශ ගතවන සිසුන්ගෙන් විශාල විනිමය ප්‍රමාණයක් මෙරටට අහිමි වන අතර, ඔවුන්ගේ ශ්‍රමයද මෙරටට ලබා ගතැහැ නොහැකි වෙයි.

මෙයට හොදම විසදුම මෙරට තුල පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීම නොවේද? එවිට පිට රටට වැයවන විනිමය ලංකාවේම ඉතිරිවන අතර, මධ්‍යම පන්තික පවුලක දරුවෙකුට වුවද මෙරට තුල සිටම අඩු මුදලකට (ණය පහුකම් ලබාගෙන හො) උපාධිය හැදෑරීමට හැකිය. එසේම මෙම විශ්වවිද්‍යාල ජාත්‍යන්තරයට විවෘත කිරීම මගින් මෙරටටද විදේශ විනිමය ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසෙයි.
පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කියා කෑ ගසනවා වෙනුවට කල යුත්තේ එම විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුලත් කිරීම විදිමත් කලයුතුයි යනුවෙන් බල කිරීමයි. එවිට සුදුසුකම් ඇති සිසුන්ට පමණක් ඒවාට ඇතුලත් වීමට හැකියාව ලැබෙන අතර ඒවායින් පිරි නමන උපාධියේ ගුණාත්මක බවයද රැකෙයි.

එමෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාලවල නිදහස් අධ්‍යාපනය හදාරන සිසුන්ද අවබෝද කරගත යුතු එකම කරුණ නම්, පෞද්ගලික විශ්වවිද්‍යාලවලද සිසුන්ට මුදල් ගෙවූ පලියට උපාධිය පිරිනොමන වගයි. ඔවුන්ටද රාජ්‍ය විශ්වවිද්‍යාලවල සේම සමාන ඇගයීම ක්‍රමයකට(assignment) මෙන්ම, වාර මැද(mid semester) වාර අවසාන(end semester) වශයෙන් පරීක්ෂණ වලට මුහුණ දීමට සිදුවේ. ඊට අමතරව හදාරන පාඨමාලාවට අනුව ප්‍රායෝගික පරීක්ෂණ වලටද මුහුණ දීමට සිදුවේ.

අවසන් වශයෙන් ශ්‍රී ලංකික බ්ලොග්කරුවන් වෙත කියන්නට තිබෙන්නේ ලින් මැඩි මානසිකත්වයෙන් මිදී, ලංකාවේ විශ්වවිද්‍යාල වලට අද ලෝකයේ හිමිවන තැන කුමක්ද යන්න විමසා බලා කටයුතු කරන ලෙසයි.

(ලංකාවේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල ඉහලටම රැගෙනයාමට රාජ්‍ය පෞද්ගලික බේදයකින් තොරව එක්වන ලෙස සියලු විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම බ්ලොග් කරුවන්ටද ආරාධනා කරනු කැමැත්තෙමි.)

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post

1 Comment

If you have a Facebook account, please use the space above to reply. If not, leave a reply here: