සතුට දුක අතර මැද ලැබුන නව පත්වීම
තුරුළු වී ඔබ සමග
ගෙවුන ඒ සොඳුරු දින
සිතින් මා තුරුළු වී
සිටිනවා තනිකමින්
පෙරදිනයේ ඇසුන ඒ
සොදුරු සුරතල් සිනා
ඇසෙනවා මට තවම
නිදි යහන පුරාවට
පෙර දිනයේ ඔබ සමග
තරහ වී ආදරෙන්
කතා බහ කරන විට
මා ලඟයි ලෝකයම්
ලැබුන නව රැකියාව
නිසා ඔබ දුර ගියා
සතුට දුක අතර මැද
මගේ සිත සිර උනා
යලිත් අප එකතු වී
ගොඩ නගමු ජීවිතේ
මියෙන තුරු එක්වෙලා
මුහුණ දෙමු සියලු දේ