කෙල්ලෝ කොල්ලෝ මේ දෙගොල්ලෝ

ලෝකයේ මිනිසුන් ප්‍රධාන වශයෙන් 2 කි. එනම් ස්ත්‍රී හා පුරුෂ වේ.ඔවුන්ගෙනුත් වයස 16-25 අතර පිරිසට කෙල්ලන් හා කොල්ලන් යයි කියනු ලැබේ.මොවුන් දෙගොල්ලන්ම හරිම අපුරු ය.

වසර 13ක් පිරිමි පාසල් වල ඉගෙනගත් අපට 7-8 වසරේදී කෙල්ලන් පිටසක්වළ ජීවී සත්ව කොට්ටාශයක් තරම් ආගන්තුක වූ කාලයක් ද තිබුණි. 9 වසරේ ප්‍රජනන පාඩම හුදෙක්ම “මැජික් එකක් ” වූ කොල්ලන් ද නොසිටියාම නොවේ.එසේ වුවත් මේ පාඩම කරන විට බහුතරයක් කොල්ලන්ගේ කට කනේ ය.එසේ වුවත් එය ඉගැන්වූ මිස් නම් පාඩම පුරාවටම බිම බලාගෙන ඉගැන්වූ බව නම් මට තවමත් මතකය.

වර්තමානයේ කෙල්ලන් අමුතුය.(ඔවුන් සිතන ආකාරයට කොල්ලන් අමුතු ය.) ඔවුන් ගේ බාහිරින් සමානකම් තිබුනත් ඇතුලතින් එකිනෙකාට ඉතා වෙනස් වේ. එකිනෙකට මිරිකී selfie 100ක් පමණ ගෙන හොදම එක facebook දැමීමට ඔවුන් මහත් සේ ප්‍රිය කරයි. #best_friends #much_love #no_boys_no _problems #when_we_ditch_guys වැනි hash tags මොවුන් අතර ඉතා ජනප්‍රිය වේ.

කෙල්ලෙක්ට කොල්ලෙක් set වනවාට අගේ මිතුරියන් සමහරවිට අකමැතිය. එය අකමැත්තකටත් වඩා තමාට තමාගේ මිතුරිය නැතිවේ යි බිය නිසා ඇති වන්න වූ හැගිමකි. එය ඔවුන් කවදාවත් පිළිගන්නේ නම් නැත.මේ නිසා කොල්ලෙක් set වූ කෙල්ලෙක් බොහෝ විට තම මිතුරියන් අඩු කර ගනී.

කෙල්ලෙක්, කොල්ලෙක් තමා ලස්සන යි පැවසීම ඉතා කැමතිය.නමුත් එය කොල්ලන්ට නොපෙන්වයි. එමෙන්ම කෙල්ලෙට “මේක කාටවත් කියන්න එපා “යි පවසා යමක් පැවසීමෙන් , පසුවදා එය මුළු පන්තියම දන්නා කාරණයක් බවට පත් කල හැකි බව අත්දැකීමෙන් දනිමි. එහෙත් විස්වාසය උපරිම ලෙස රහස් රකින කෙල්ලන් ද සිටින බව කිවයුතු ය.

කොල්ලන් ද අමුතු ය.(ඔවුන් සිතන ආකාරයට කෙල්ලන් අමුතු ය.).මොවුන් හිතයට හැගීම් හංගාගෙන සිනා සිමට අති දක්ෂ ය. කොල්ලන් බොක්ක ඉතා හොදය. එහෙත් එක කරුනකදී එය වෙනස් වේ. එනම් කෙල්ලන් ය. ලොරි talk දී “කෙල්ලෝ ලොකුද” යි අසන කොල්ලන් බොහෝවිට කෙල්ලන් පස්සෙන්ම ය. ලෝකය කා වතුර බී උපාසක චරිත පෙන්වන කොල්ලන්ද ඇත.මොවුන් බොහෝ විට facebook තුල කාන්තා හිංසනය ,ජාතිය හා ආගම පිළිබද , දේශපාලනය වැනි කරුණු පිළිබද පොස්ට් පොම්ප කරයි. ඒවාට likes , comments ද එකසිය ගණනින් ය.

කොල්ලන් කෙල්ලන්ගේ හැඩරුව විශ්ලේෂණයට ද අති දක්ෂ වේ. එම විශ්ලේෂණයන් යහළුවන් සමග කිරිමෙන් ඔවුන් අති දරුණු විශ්ලේෂණ සිදු කරයි.කෙතරම් කෙල්ලන් දෙස බැලුවත් කොල්ලන් බොහෝවිට ආදරය කරන්නේ එක කෙල්ලෙකුට පමණි. අවාසනාවට එය බොහෝවිට ඇය දන්නේ නැත.

දිනක් කොල්ලෙකුගෙන් බලාපොරොත්තු වන්නේ මොනවාදැයි කෙල්ලෙක්ගෙන් ඇසු විට ගත කටටම කියා සිටියේ car එකක් කියා ය. රටේ වාහන තද බදයට හේතුව මෙය දැයි විටක සිතේ. එම ප්‍රශ්නයම තවත් කෙල්ලෙක්ගෙන් ඇසුවිට පැවසුයේ ඔහුගේ පෞර්ෂය බවයි. එම පිලිතුරේ නම් සිතන්නට යමක් ඇති බව හැගේ.

මේ කෙසේ වුවත් කොල්ලන්ට කෙල්ලන් නැතුවම බැරිය. කෙල්ලන්ටද කොල්ලන් නැතුවම බැරිය.සියලු දෙනා මතක තබා ගහට යුතු වැදගත කරුණක් වේ.එනම් කලක දියණියක් ද ,පසුව තරුණියක් ද ,ඉන් පසුව මවක් ද වන්නේ මේ ලෝකයේ කෙල්ලන් ය. ඒ නිසා තරුණියකට ලබා දිය යුතු නිසි ගෞරවය ඇයට ලබා දීමට කොල්ලන් සැමවිටම කටයුතු කළ යුතු බව නම් සැකයක් නැත.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post

1 Comment

If you have a Facebook account, please use the space above to reply. If not, leave a reply here: