ඡන්දදායකයා
ශ්රී ලංකාවේ පාලකයා තෝරාගැනීමට හැකියාව ඇත්තේ පුරවැසියාට ය. ඔව්, ඒ ‘කරූ’ ට වඩා ‘පබා’ ට මනාප දුන් පුරවැසියාට ය.
මෙවන් පිරිසක් ආකර්ශණය කරගැනීම ට මැජික් නැතුව ම බැරි ය. සුපිරිසිදු දේශපාලඥයන් කටින් ඉල්ලුව ද මේ අපූරු පුරවැසියා කතිරය ගහන්නේ ම හොරෙකුට ය. මනාපය දෙන්නේ දිනන එකාට ය ඔහු සොයා ගන්නේ වාහන පේලියේ දිගින් ය, පෝස්ටර් ගණනින් ය, බඩු මල්ලේ බරින් ය, පොත්තේ පාටෙන් ය, උඩු රැවුලෙන් ය, සරමෙන් ය.
මෙවන් රටක ඡන්දය දෙන්නට සිල්වත් ගුණවත් දේශපාලඥයෙක් ඊළඟ වසරේ අගෝස්තු වන තුරු හෙවුවත් හොයාගන්න ට නොහැකි වනු ඇත. එසේ නම් දැන් පුරවැසියා ට වගකීමක් ඇත. ඒ නිහතමානී ම, අවංකම, මිනිසා තේරීම නොව බොරු කාර හොරු තක්කඩි රැලක් අතුරින්
අඩුවෙන් ම බොරු කියන පොඩිම හොරා තේරීමයි